සහජීවනයට බාධා කළ මහසෝන් බලකායේ අමිත් රිමාන්ඩ්

මැයි 15, 2019

    ආගම් සහ ජාතීන් අතර පවතින සහජීවනයට බාධා වන ආකාරයේ අදහස් අන්තර්ජාලය හරහා මුදා හල බවට සැකපිට අත්අඩංගුවට ගත් මහසොන් බලකාය ප්‍රධානියා අමිත් වීරසිංහ ලබන 28 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. 

    කොළඹ දකුණ දූෂණ මර්ධන කොට්ඨාස‍ය මගින් අත්අඩංගුවට ගත් අමිත් වීරසිංහ අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කෙරිණ

    සැකකරු ජාතීන් සහ ආගම් අතර පවතින සහජීවනයට බාධා වන ආකාරයෙන් අන්තර් ජාලයට අදහස් මුදා හැර ඇති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බැවින් සැකකරුව රිමාන්ඩ් භාරයට පත් කරන මෙන් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

    අමිත් වීරසිංහව ඇප මත මුදා හරින මෙන් ඔහුගේ නීතිඥා විසින් අධිකරණයෙන් ඉල්ලා සිටිය ද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 28 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කෙරිණ.

     

     

    Last modified on බදාදා, 15 මැයි 2019 15:31

    Latest News