අදත් දුම්රිය ප්‍රමාදයක්

මාර් 30, 2024
    අද (30) සහ හෙට (31) දිනයේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

    එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වැල්ලවත්ත සහ කොටුව අතර දුම්රිය ධාවනය එක් මන්තීරුවකට සීමා කිරීම මීට හේතුවී ඇති බවයි.

    නාගරික සංවර්ධන අධිකාරිය විසින් වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර ඇති නල මාර්ගයක සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තත්ත්වය මතුව තිබෙනවා.
     
    අද දිනයේ මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 25ක් අවලංගු වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
     
    කෙසේවෙතත් එළඹෙන ඉරිදා (31) රාත්රියෙන් පසු දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්වනු ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

    Latest News