බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරියගෙන් ඉල්ලීමක්

මැයි 27, 2023

    පොදු රාජ්‍ය හා සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ සහ ඉන්දියාවේ අධ්‍යක්‍ෂ බෙන් මෙලර් මහතා, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සේරා හල්ටන් මහත්මිය සහ අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක්, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ඊයේ පැවැත්වුණා.

    ‍ශ්‍රී ලාංකිකයින් නීති විරෝධි සංක්‍රමනිකයින් ලෙස බ්‍රිතාන්‍යයට පැමිණීම වැළැක්වීමට සහයෝගය දක්වන ලෙසයි, බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්වරිය මෙහිදී අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණා. මෑතකදී බ්‍රිතාන්‍යයේ නව නීති හඳුන්වා දුන් බවත්, රටක නීතය හා සාමය පවත්වා ගැනීමට නීති හඳුන්වා දිම වැදගත් බවත්, අමාත්‍ය ටිරාන් අලස් මහතා කියා සිටියා. යෝජිත නව ත්‍රස්ත විරෝධි පනත සංවරණය හා තුලනය විය යුතු බවයි, අමාත්‍යවරයා‍ වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

    Latest News