අම්බලන්ගොඩ දී වෙඩි තැබීම් 2ක්

මැයි 26, 2023

    අම්බලන්ගොඩ පොලිසිය සහ බලපිටිය උසාවිය අතර මාර්ගයේ අද උදේ 7.00 ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

    අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ගමන් කරමින් සිටි එහි නියෝජ්‍ය විදුහල්පතිවරයාට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා පළා ගොස්න්. ප්‍රහාරයෙන් තුවාල ලැබූ නියෝජ්‍ය විදුහල්පතිවරයා, බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

    මේ අතර අම්බලන්ගොඩ ආදාදොල පන්සල පාර ආසන්නයේදී ඊයේ රාත්‍රියේද වෙඩි තැබීමක් සිදුව තිබුණා. අප වාර්තාකරු සඳහන් කළේ, එම මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි අයෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇති බවයි. එහිදී, වෙඩි ප්‍රහාරය, යතුරුපැදියට එල්ල වී තිබූ අතර, සිද්ධියට හේතුව පෞද්ගලික කරුණක් බවයි, වාර්තා වන්නේ.

    Latest News