ෂාෆ්ටර්ගේ දේහය අද යළි ගොඩගනී

මැයි 25, 2023

    හිටපු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය අද (25) දිනයේ යළි ගොඩගැනීමට නියමිතව බව වාර්තා වනවා.

    ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇති බව අදාළ මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණායෙන් ඉල්ලීමක් කර තිබුණා.

    ඒ අනුව අදාළ දේහය ගොඩගැනීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණ විසින් අවසර ලබා දුන්නා.

    ඒ අනූව අද දිනයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ දේහය ගොඩගැනීමට නියමිත බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරන්නේ.

    Latest News