123ක් ජනකට යන්න කියයි

මැයි 24, 2023

    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජානක රත්නායක මහතා ඉවත් කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.

    පාර්ලිමේන්තු යෝජනාව වැඩි ඡන්ද 46 කින් සම්මත වූ අතර ඊට පක්‍ෂව මන්ත්‍රීවරුන් 123 ක් සහ විපක්ෂව ඡන්ද 77 ක් ප්‍රකාශ කර තිබේ.

    යෝජනාව පිළිබඳ විවාදය අද පෙරවරු 10.30 සිට පස්වරු 05.00 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර, ඉන් අනතුරුව එය ඡන්ද විමසීමක් සිදුකෙරුණා.

    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 7 වැනි වගන්තිය ප්‍රකාරව ජනක රත්නායකට එරෙහි පාර්ලිමේන්තු යෝජනාව ඉදිරිපත් කර ඇත.

    රත්නායක මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර විදුලි බිල සංශෝධන සහ විදුලිය විසන්ධි වන කාලසීමාව ඇතුළු විවිධ කරුණු සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීම් කිහිපයකින් පසුව මෙම විවාදය ඇති විය.

    Latest News