සරණාගත පිරිසක් අද කොළඹ උද්ඝෝෂණයක

මැයි 23, 2023

    ශ්‍රී ලංකාවට විවිධ රටවලින් පැමිණ සිටින සරණාගත පිරිසක‍ගේ උද්ඝෝෂණයක් අද කොළඹ, එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වුණා.

    නැවත පදිංචි කිරීම, අධ්‍යාපනය, නිවාස හා ජීවන වියදම් සම්බන්ධ ගැටලුවලට තමන් මුහුණ පා සිටින බවත්, ඒවා විසදා දෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියා.  මේ පිරිස පවසන්නේ, අවුරුදු 10 ක් 15 ක් පමණ කාලයක් තමන් සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාව තුළ වෙසෙන බවයි. ස්ථිර පදිංචිය සඳහා තමන්ට වෙනත් රටකට යෑමට අවශ්‍ය කටයුතු කඩිනමින් සලසා දෙන ලෙස ඔවුන්, ඉල්ලා සිටිනවා. මේ වන විට තම දරුවන්ට පාසල් යාමට නොහැකි වී ඇති අතර, රැකියාවක නිරත වීමට අවස්ථාව නොලැබෙන බවද ප්‍රකාශ කෙරුණා. උද්ඝෝෂණයට සරණාගතයින් 20 දෙනෙකු පමණ එක්ව සිටියා. පසුව, එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නිලධාරියෙකු පැමිණ ඔවුන්ගේ ප්‍රකාශ ලිඛිතව ලබා ගැනීමෙන් අනතුරුව, පිරිස විසිර ගියා.

    Latest News