ජාතික සංවර්ධන කමිටුවක්

මැයි 23, 2023

    නව සංවර්ධන ව්‍යාපෘති, වැඩසටහන් අගැයීම සඳහා ජාතික සංවර්ධන කමිටුවක් පිහිටුවීමට භාණ්ඩාගාරයේ හිටපු නියෝජ්‍ය ලේකම්වරයෙකු වන දයා ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 

    එය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක්.

    රජයේ නව ව්‍යාපෘති වැඩසටහන් අගැයීමේ ක්‍රියාවලිය සඳහා ජාතික සංවර්ධන කමිටුවක් පිහිටුවීම පිළිබඳව 2023 වසරට අදාළ අයවැය ඉදිරිපත් කිරීමේදී මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කළා. 

    ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවක් විසින් සලකා බලනු ලබන ඇස්තමේන්තුගත පිරිවැය හෝ ඊට වැඩි ඇස්තමේන්තුගත පිරිවැයක් සහිත ව්‍යාපෘති වැඩසටහන් පිළිබඳව නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම මෙම ජාතික සංවර්ධන කමිටුව පිහිටුවීමේ අරමුණයි.

    Latest News