රංගන ශිල්පී දර් ශන් ධර් මරාජ් අභාවප්‍රාප්ත වෙයි

ඔක් 02, 2022
    ප්‍රවීන චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නළු දර් ශන් ධර් මරාජ්  මහතා අභාවප්‍රාප්ත වෙයි.ඒ මහතා මිය යන විට 41 වන වියේ පසුවිය.
    කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා සොයිසා මහත්මිය තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතාගේ අභාවය තහවුරු කර ඇත. රත්නපුර, රක්වාන ප්‍රදේශයේ උපත ලැබූ ඔහු රක්වාන ශාන්ත ජෝන් දෙමළ විද්‍යාලයෙන් ඉගෙනුම ලැබීය. 
    පළමුවරට රංගනය සඳහා 2008 වසරේ දී, සිඩ්නි චන්ද්‍රසේකර මහතාගේ A-Nine ටෙලි නාට්‍යයේ සිංහල පිටපත සඳහා දර්ශන් ධර්මරාජ් මහතා තෝරා ගෙන තිබේ. එහෙත් ඒ වන විට සිංහල භාෂාව කතා කළ නොහැකිවූ ඔහු මාස තුනක් ඇතුළත සිංහල භාෂාව ඉගෙන ගෙන තිබුනි.
    දර්ශන් ධර්මරාජ් මහතා සිනමා ජීවිතය ආරම්භ කළේ 2008 වසරේ දී ප්‍රභාකරන් චිත්‍රපටියෙනි. මාතා, මචන්, සඳපාන, නෝ ඇඩ්‍රස්, ආලෝකෝ උදපාදි ඇතුළු චිත්‍රපට 15 ක සහ ටෙලිනාට්‍ය කිහිපයක ඔහු රඟපා ඇත.
    අශෝක හඳගම මහතා අධ්‍යක්ෂණය කළ ඉනි අවන් (2012)  චිත්‍රපටයේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ලෙස කළ රඟපෑම වෙනුවෙන් දර්ශන් ධර්මරාජ් මහතා ශ්‍රී ලංකාවේ චිත්‍රපට උළෙල කිහිපයකදී හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලැබීය.
    බහුතරයක් සිංහල චිත්‍රපට සහ ටෙලිනාට්‍යවල දමිළ චරිතවල රඟපෑම හේතුවෙන් ඔහු හඳුනාගෙන සිටියේ දමිළ ප්‍රේක්ෂකයන්ට වඩා සිංහල ප්‍රේක්ෂකයන් වීම විශේෂත්වයකි. දර්ශන් ධර්මරාජ් මහතා එක්දරු පියෙකි.
    Last modified on ඉරිදා, 02 ඔක්තෝබර් 2022 10:07

    Latest News