හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නඩුව කල්යයි

මාර් 12, 2019

    තරුණයෙකු පැහැරගෙන, සිරකරගෙන සිටි බවට චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නඩුව අප්‍රේල් 24 දක්වා කල් යයි.

    මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ අද(12) කැඳවා තිබේ. විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වී සිටින හෙයින් නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන මෙන් ඇයගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත. එම ඉල්ලීම පිළිගත් මහාධිකරණය මෙම නඩු විභාගය අප්‍රේල් මස 24 වනදා දක්වා කල් තැබීමට නියෝග කර තිබේ.

    2016 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි වෙළඳ සැළක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයෙක් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර සිටියේ යැයි චෝදනා කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.

    Latest News