ඩොලර් හිඟයට විසඳුම් දෙන නිමි ඇඳුම්

ජූලි 06, 2022

    නිමි ඇඳුම් මිලදී ගැනීමේදී මෙරට නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනැයි දේශීය ව්‍යවසායකයින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.  ඩොලර් අර්බුදයට යම් විසඳුමක් ලෙසයි ඔවුන් මෙම ඉල්ලීම සිදු කරන්නේ. 

    ඒ පිළිබඳව මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පැවැත්වුණා.  විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලක්‍ෂ 15 ක පමණ පිරිසක් නිමි ඇඳුම් ලෙස වි‍දේශීය නිෂ්පාදන තොරා ගනු ලබනවා.   එමගින් ඩොලර් මිලියන 300 ක් පමණ විදෙස් මුදල් මව් සමාගම් වෙත ඇදී යනවා. 

    එම සමාගම්වලට තරගකාරී ලෙස නිමි ඇඳුම් වෙළෙඳපොළට සපයන දේශීය සමාගම් රැසක් පවතින බව වෘත්තිය ව්‍යවසායකයෙකු වන රනිල් විල්ලද්දරගේ මහතා පවසනවා.

    විදේශීය ශ්‍රී ලාංකිකයන් මෙන්ම, දේශීය පිරිස්ද එම නිෂ්පාදන මිලදී ගන්නේ නම් සැලකියයුතු ‍ඩොලර් ප්‍රමාණයක් මෙරට සමාගම්වල ලබාගත හැකි බවයි විල්ලද්දරගේ මහතා පවසන්නේ.

    Latest News