මුහුදෙන් රට යන්න ගිය 55ක් අල්ලයි

ජූලි 06, 2022

    නීති වි‍රෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදේශ රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ 55 දෙනෙකු, ඊයේ නාවික හමුදාව භාරයට ගැනුණා. ඒ, ඔවුන් ත්‍රිකුණාමලය - එරක්කන්ඩි හා  සහ මන්නාරම - තාල්පාඩු යන වෙරළ ප්‍රදේශවල  කළ සෝදිසි මෙහෙයුමකදී. 

    එරක්කන්ඩි වෙරළ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු පිරිස 46 දෙනෙකු වනවා. ඊට, පිරිමි පුද්ගලයන් 12 දෙනෙකු, කාන්තාවන් 11 දෙනෙකු හා ළමුන් 23 දෙනෙකු ඇතුළත්.

    තාල්පාඩු වෙරළ ප්‍රදේශයේ දී අත්අඩංගුට ගැනුණු පිරිස 7 දෙනෙකු වනවා. ඊට පිරිමි පුද්ගලයන් 3 දෙනෙකු, කාන්තාවක සහ කුඩා ළමුන් තිදෙනෙකු ඇතුළත්. මීට සම්බන්ධ ජාවාරම්කරුවන් දෙදෙනෙකු ද මෙම වෙරළ තීරයේ දී අත්අඩංගුවට ගැනුණා.

    අවුරුදු 5 සහ 48 අතර වයසේ  පසුවන සියලුම සැකකරුවන් කොළඹ, බදුල්ල, වවුනියාව සහ මන්නාරම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට තහවුරු කර ගෙන තිබෙනවා. මන්නාරම පොලීසිය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනවා.

    Latest News