වයඹ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දින 3ක් පමණයි

ජූලි 06, 2022

    වයඹ පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳුදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් සිදු කිරීමට තීරණය කර තිබේ.

    එමෙන්ම 2022.07.01 දින සිට 2022.07.31 දින දක්වා කල්ඉකුත් වන වයඹ පළාතේ ලියාපදිංචි වාහන ආදායම් බලපත්‍ර සඳහා දඩ මුදල් අය කිරීමකින් තොරව අලුත් කරගැනීම වෙනුවෙන් 2022.08.31 දින දක්වා සහන කාලයක් ද ලබාදී තිබේ.

    වයඹ පළාතේ වාහන සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ආදායම් බලපත්‍ර ලබාගැනීමේ පහසුකම් සපයා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් වයඹ පළාත් ප්‍රධාන ලේකම් පී. බී. එම් සිරිසේන සඳහන් කරන්නේ.

    Latest News