සේවා කාලය අවසන්කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ඕමාන තානාපති....

ජූලි 05, 2022

    සිය සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ඕමානයේ ශ්‍රී ලංකා තානාපති ජුමා හම්ඩාන් හසන් අල්මයික් අලිෂෙහි මහතා, ඊයේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවුණා.

    ඉන්ධන, ගෑස් සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ඕමානය අතර, ද්වීපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සහය වන බව තානාපතිවරයා මෙහිදී කියා සිටියා. ශ්‍රී ලංකා ඕමාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදය මගින් දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා. වසර 8ක සේවා කාලය තුළ ඕමාන තානාපතිවරයා මෙරටට ලබාදුන් සහය පිළිබඳ කථානායකවරයා සිය කෘතවේදීත්වය පළ කළා. පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News