ගොවීන්ට ගෙවීමට නොහැකිවූ ණය කපා හරී

ජූලි 05, 2022

    ‍හෙක්ටයාර් 2 ක් හෝ ඊට වඩා අඩු ඉඩම් ප්‍රමාණයක වී වගාව සඳහා රජයේ බැංකු මගින් ලබා ගෙන මේ  වන විටත්  ගෙවීමට අපහසු වී ඇති ණය මුදල් කපා හැරීමට අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට ද, කැබිනට් අනුමැතිය හිමිවුණා.

    පාස්කු ප්‍රහාරය හා කොවිඩ් වසංගතය හේතුවෙන් සෑම ක්‍ෂේත්‍රයකටම බලපෑම් එල්ල වී තිබෙනවා.

    එම තත්වය සියයට 30 ක් පමණ වන ගොවීන්ට ද බලපා ඇති අතර, රසායනික පොහොර තහනම නිසා ඔවුන් තවදුරටත් දුෂ්කරතාවට පත්ව තිබෙනවා. එම කරුණු සැකිල්ලට ගෙන ගොවි ණය කපා හැරීමටයි, අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන්නේ.                     

    Latest News