හිරුණිකාට එරෙහි නඩුව විභාගය මැයි 23 වැනිදා

ජන 24, 2022

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ට එරෙහි නඩු විභාගය, මැයි 23 ආරම්භ කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. 

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. 

    එහිදී විනිසුරුවරයා නියෝග කළේ මෙම නඩුවේ සාක්ෂි විභාගය මාර්තු මස 23 වැනිදා ආරම්භ කරන ලෙසයි. එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසද විනිසුරුවරයා නියෝග කළේය. 

    2015 වසරේ දෙසැම්බර් මස 21 වැනි දා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංකර නැමැති තරුණයකු ඩිපෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබේ. 

    මෙම චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන් හත් දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කර එම සිරදඬුවම වසර දොළහකට අත්හිටුවීමට ද මීට පෙර නියෝග කර තිබිණ.  

    Last modified on සදුදා, 24 ජනවාරි 2022 12:09

    Latest News