මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ නිල සංචාරයක (වීඩියෝ)

දෙසැ 01, 2021
  • මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සුලබි ජාත්‍යන්තර සමාජ සේවා සංවිධානයට අද පැමිණියා.

    ඒ, මුදල් අමාත්‍යවරයාගේ ඉන්දියානු සංචාරය අතරතුරයි. එහි දී අමාත්‍යවරයා එම සංවිධානයේ නිර්මාතෘ ආචාර්ය බින්ඩේෂ්වර් පතක් මහතා මුණ ගැසුණා.

    සුලබි ජාත්‍යන්තර සමාජ සේවා සංවිධානය අධ්‍යාපනය තුළ මානව හිමිකම්, පාරිසරික සනීපාරක්ෂාව, සාම්ප්‍රදායික නොවන බලශක්ති ප්‍රභවයන්, අපද්‍රව්‍ය කළමනාකරණය හා සමාජ ප්‍රතිසංස්කරණය ප්‍රචලිත කිරීම පිළිබඳව ඉන්දියාව තුළ ප්‍රසිද්ධ සංවිධානයක් ලෙසයි සැලකෙන්නේ. මෙම සංවිධානය සතුව ස්වෙච්ඡා සේවකයින් 5,000ක් පමණ සමාජ සේවා කාර්යයන් ඉටු කිරීමට එක්ව සිටිනවා. මෙම අවස්ථාවට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ද එක්ව සිටිනවා.

    Last modified on බදාදා, 01 දෙසැම්බර් 2021 17:35

    Latest News