ගෑස් සම්බන්ධ වාර්තාවක් අද

දෙසැ 01, 2021

    ගෘහස්ත ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇති ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා උදෑසන 9.00ට වෙළඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ හදිසි රැස්වීමක් අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වෙයි.

    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ එම රැස්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඇතුළු අදාළ පාර්ශව රැසක නියෝජිතයින් කැඳවන බවයි.

    මේ අතර ගෑස් කාන්දුවීම් සහ පිපිරීම් ආශ්‍රිත මොරටුව විශ්වවිද්‍යාලයේ විද්වත් කමිටුව විසින් සම්පාදනය කරන ලද විශේෂඥ මත ඇතුලත් වාර්තාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත අද භාරදීමට නියමිතයි.

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ලබාගත් ගෑස් සාම්පල 12 ක සංයුතිය සහ ඒ සම්බන්ධයෙන් සිය මතය අදාළ වාර්තාවට ඇතුලත් කර ඇති බවයි,මොරටුව විශ්වවිද්‍යාලයේ මාහාචාර්ය ශාන්ත වල්පොළගේ මහතා ප්‍රකාශ කරන්නේ.

    Last modified on බදාදා, 01 දෙසැම්බර් 2021 10:02

    Latest News