මැතිවරණ වියදම් පාලනයට විධිවිධාන සලසාලන නීති සම්පාදනය කිරීම

නොවැ 30, 2021

    මැතිවරණ වියදම් පාලනයට විධි විධාන සලසන නීති සම්පාදනය සඳහා යෝජනා වී ඇති සංශෝධන කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින්.

    ඡන්ද විමසීම්වල දී ඇති වන නීති විරෝධී ක්‍රියා අවම කිරීම සඳහා විධි විධාන සැලසීම පිණිස පවතින අනපනත් සංශෝධනයට අදාළව 2017 ඔක්තෝබර් 17 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ලබාදී ඇති අනුමැතිය මෙම සංශෝධනවලට ඇතුළත්.

    එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීම් ව්‍යුහය හා නීති රීතිවලට අදාළ ප්‍රතිසංස්කරණ හඳුනාගෙන සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අදාළ පාර්ශවයන් සමග සාකච්ජා කර එකඟතාවට පැමිණි කරුණු සැලකිල්ලට ගනිමිනුයි, මෙම සංශෝධන යෝජනා වී ඇත්තේ.

     

    එමෙන්ම, 2022 මුදල් වර්ෂය සඳහා වන මුදල් කොමිෂන් සභාවේ නිර්දේශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජනාධිපතිතුමා විසින් යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය.

    මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ '154 ජ' ව්‍යවස්ථාව ප්‍රකාරව ස්ථාපිත කර ඇති මුදල් කොමිෂන් සභාව,පළාත් සභා සඳහා වාර්ෂික අය වැය මගින් ප්‍රදානය කරන ලද අරමුදල් බෙදා දීමේ දී අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති පිළිබඳ ජනාධිපතිතුමා වෙත නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 30 නොවැම්බර් 2021 12:05

    Latest News