මියන්මාරයෙන් සහල් ආනයනයට අනුමැතිය

නොවැ 30, 2021

    රජයකින් රජයකට පදනම යටතේ ශ්‍රී ලංකා රජය සහ මියන්මාර රජය අතර ඇති කර ගනු ලබන ගිවිසුමක් මත එරටින් සහල් මෙට්‍රික් ටොන් 20,000ක් ආනයනය කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ.

    ඒ අනූව, මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 460 බැගින්, සීමාසහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවිය.

    හිඟයකින් තොරව ප්‍රමාණවත් සහල් තොග පාරිභෝගිකයින් වෙත සැපයීමටත්, ආරක්ෂිත සහල් තොගයක් පවත්වාගෙන යාමටත් හැකිවන පරිදි සහල් ආනයනය කිරීමට රජයේ අරමුණයි.

    ඒ අනූව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා පසුගිය සැප්තැම්බර් 27 වැනිදින කැබිනට් අනුමැතිය ලැබුණි.

    Rice01

    Latest News