පින්නවලට තවත් අලි පැටවෙක්...(වීඩියෝ)

සැප් 11, 2021
  • පින්නවල අලි සංරක්‍ෂණාගාරයේ සිටින රැජින නමැති කෙනෙර පැටවෙකු බිහිකර තිබේ.

    ඒ, ඊයේ අලුයම් කාලයේදී. 1983 වසරේදී මැදවච්චිය ප්‍රදේශයේදී, මවගෙන් මඟහැරී සිටියදී වනජීවි දෙපාර්තමේන්තුව පින්නවලට රැගෙන ආ රැජින නමැති මෙම කෙනෙර මීට පෙර පැටවුන් 4 දෙනෙකු බිහිකර ඇත.

    ඒ, නන්දිමිත්‍ර, උත්පලා, කෝසල සහ බිනුකි නමැති අලි පැටවුන්. ඊයේ බිහිකළ පැටවාගේ පියා පින්නවල අලි සංරක්‍ෂණ මධ්‍යස්ථානයේ සිටින පණ්ඩුල නමැති හස්තියා බව සඳහන් වේ.

    මේ අතර පසුගිය 31 වැනිදා පින්නවලදී මෙලොව එළිය දුටු නිවුන් අලි පැටවුන් දෙදෙනා ද පශු වෛද්‍යවරුන්ගේ අධීක්‍ෂණය යටතේ නිරෝගීව සිටින බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් රේණුකා බණ්ඩාරනායක මහත්මිය සඳහන් කළාය.

    Last modified on සෙනසුරාදා, 11 සැප්තැම්බර් 2021 14:55

    Latest News