ස්වර්ණ මහල් හිටපු අධ්‍යක්ෂවරුන්ගේ අපේක්ෂිත ඇප ඉල්ලා අස් කර ගැනේ

ජන 28, 2021

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා ස්වර්ණමහල් ෆයිනැන්ෂියල් සර්විසස් සමාගමේ හිටපු ‍අධ්‍යක්ෂවරුන් සිවුදෙනා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත් ඔවුන් විසින්ම ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඒවා නිෂ්ප්‍රභ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නා.

    එම අපේක්ෂිත ඇප අයදුම්පත් සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් වලට පාදක වන කරුණු සම්බන්ධයෙන් වෙනමම විමර්ශනයක් සිදු නොකෙරෙන බව දැනුම් දුන්නා.

    එම ප්‍රකාශය මත මෙම පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බව පෙන්වා දුන් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ද ල්ලීමක් කළා.

    එමෙන්ම දැනුම් දෙන ඕනෑම අවස්ථාවක විමර්ශන කටයුතු සඳහා තම සේවාදායකයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට සූදානම් බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ දන්වා සිටිය.

    ඒ අනුව අදාළ අපේක්ෂිත අයදුම්පත් ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා පසුව ඒවා නිෂ්ප්‍රභ කිරීමට ද නියම කළා

    Latest News