කොවිඩ් සඳහා චීන එන්නත් ලක්ෂ 3ක් ලබන මස මෙරටට (වීඩියෝ)

ජන 27, 2021
  • චීනය කොවිඩ් 19 සඳහා නිෂ්පාදනය කළ එන්නත් ලක්ෂ තුනක තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා.

    එම එන්නත් තොගය පෙබරවාරි මස මැද භාගයේ දී රජයට භාර දීමට අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ. ‍

    ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වීම කොවිඩ් 19 ට එරෙහි සටනේ දී කැපී පෙනෙන බව එම නිවේදනයේ දැක්වෙනවා. චීනයේ ප්‍රමුඛ පෙළේ එන්නත් නිෂ්පාදන සමාගමක් වන ජාතික ඖෂධ සමූහ සමාගම හෙවත් sino pama ආයතනයේ එම එන්නත නිපදවා තිබෙනවා. එම එන්නත දැනටමත් රටවල් කිහිපයක තුන්වන අදියරේ අත්හදා බැලීම් යටතේ පවතින බවයි තානාපති කාර්යාලය පවසන්නේ. covid-19 වැළැක්වීම සඳහා එම එන්නත 86% දක්වා ඵලදායිතාවක් පෙන්නුම් කර ඇති බවත් හෙළිවී තිබෙනවා. මෙම එන්නත සෙල්සියස් අංශක 2-8 අතර උෂ්ණත්වයක් තුළ ගබඩා කර තබා ගැනීමටත් ප්‍රවාහනය කිරීමටත් හැකියි.

    එක්සත් අරාබි එමිර් රාජ්‍යය, ඊජිප්තුව, බහරේනය, ජෝර්දාන් ඉරාකය පාකිස්ථානය සහ සර්බියාව වැනි රටවල ද ජනතාව වෙනුවෙන් ලබාදීමට අනුමැතිය ලැබී තිබෙනවා. එන්නත් මිලියන විස්සකට අධික සංඛ්‍යාවක් මේ දක්වා ලබා දී ඇති අතර බරපතළ අහිතකර ප්‍රතික්‍රියා පිළිබඳ වාර්තා වී නැතැයි ද චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්. සීශෙල්ස් ජනාධිපති, එක්සත් අරාබි එමිර් රාජ්‍යය අගමැති හා බහරේන් අගමැති ඇතුළු රටවල් කිහිපයක නායකයන් මෙම එන්නත ලබාගෙන තිබෙනවා.

    Last modified on බදාදා, 27 ජනවාරි 2021 23:26

    Latest News