හෙට ලැබෙන එන්නත අනිද්දා සිට එන්නත්කරණයට (වීඩියෝ)

ජන 27, 2021
  • ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත හෙට ඉන්දියාවේ සිට දිවයිනට රැගෙන ඒමට නියමිතයි.

    එන්නත්කරණය පසු දින සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. covid එන්නත මෙරටට ගෙන්වීම සඳහා පත් කරනු ලැබ ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය ප්‍රධානි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ ගැන පැහැදිලි කළා.

    ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා ....

    "හෙට දින ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස එන්නත් ලක්ෂ පහක් ඒ කියන්නේ 250000 පුද්ගලයන්ට මේ එන්නත ලබාදිය හැකි ආකාරයට මේ ප්‍රදානය හෙට ලැබෙනවා. ඉන්දීය-ශ්‍රී ලංකා ඒ තිබෙන බොහෝ කල් සිට පැවැත්වෙන සබඳතාවය සනිටුහන් කරන්න මේ එන්නත් තොගය භාරගන්නේ අතිගරු ජනාධිපතිතුමා විසින්. එනිසා හෙට පෙරවරු 11ට කටුනායක ගුවන්තොටුපලේදී මේ එන්නත් එය ශ්‍රී ලංකාවේ සිටින ඉන්දියානු මහ කොමසාරිස්තුමා විසින් මෙරටට භාර දෙන්නේ..."

    Last modified on බ්‍රහස්පතින්දා, 28 ජනවාරි 2021 09:11

    Latest News