ජනපති කොමිසමට අමෙරිකාවේ ප්‍රසාදය

ජන 27, 2021

    මානව හිමිකම් කඩ කිරීම්වී  දැයි විමර්ශනය සඳහා ජනපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගන්නා ලද තීරණය සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රසාදය හිමිවෙයි.

    එම කොමිසම විවෘත සහ විනිවිදභාවයෙන් යුක්තව ක්‍රියාත්මක විය යුතු බව ද ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිස් මහත්මිය ප්‍රකාශ කරයි.

    මෙරට මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා සහායවීම ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට එල්ල කරන බලපෑමක් හෝ තර්ජනයක් ලෙස නොසැලකිය යුතු බව ද ඒ මහත්මිය පෙන්වා දෙයි.

    මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතළ වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත්කරන ලද කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය කරගත් තොරතුරු විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිසමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද අතර ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය පසුගිය දා (21) ප්‍රකාශයට පත් කෙරිණි.

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා පරීක්ෂණ කොමිසමේ සභාපති ධූරයට නම් කර තිබෙන අතර විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.

    අදාළ ත්‍රිපුද්ගල කොමිසමට කාර්යයන් කිහිපයක් පැවරෙන අතර අවසන් වාර්තාව කොමිසම පත්කළ දින සිට මාස 06ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුය.

    Latest News