දැදුරු ඔය රක්ෂිතයේ පස් කැපූ 7ක් අත්අඩංගුවට

ජන 27, 2021

    දැදුරු ඔය ජලාශය අසල රක්ෂිතයේ නීති විරෝධී ලෙස පස් කැපීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය.

    මෙම වැටලීම සිදු කළේ, භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධවයි.

    වැටලීමේදී පස් කැපීමට භාවිත කළ ටිපර් රථ 6ක්, ස්කැවේටර් යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

    භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් පැවසුවේ, ජලාශ රක්ෂිතයෙන් කපන ලද පස් එම ප්‍රදේශයේම සෝදා වැලි නිෂ්පාදනය කරන ස්ථානයකට රහසිගතව ප්‍රවාහනය කරන බවට ලැබූ තොරතුරු මත වැටලීම සිදුකළ බවයි.

    සැකකරුවන් සන්තකයේ තිබී පස් කැපීමට බලපත්‍රයක් සොයා ගැනුණ ද එය ව්‍යාජ එකක් බව පොලීසිය පැවසුවේය.

    දැදුරු ඔය ජලාශය භාර වාරි ඉංජිනේරු සම්පත් සමරජීව මහතා පැවසුවේ, ජලාශ රක්ෂිතය තුළ පස් කැපීමට කිසිදු ආකාරයක බළපත්‍රයක් තම කාර්යාල නිකත් කර නොමැති බවයි.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිති.

    Latest News