වැවිලි අංශයේ සේවක වැටුප වැඩි කිරීම අනිවාර්යයි (වීඩියෝ)

ජන 26, 2021
  • වැවිලි අංශයේ සේවකයින්ගෙන් දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ නැංවීමේ තීරණය කිසිදු වෙනසක් නැතැයි රජය අවධාරණය කරනවා.

    ඊට අදාලව කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. වතු නිවාස යෝජනා ක්‍රමය සංශෝධනයට ද අමාත්‍ය මණ්ඩල එකඟතාව පළ වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද පැවති මාධ්‍ය හමුවේ දී කියා සිටියා.

    කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා.....

    "සමස්ත වැවිලි ප්‍රජාව ඉලක්ක කරමින් වඩාත් සුරක්ෂිත වසස්ථාන හිමි කර දීම සඳහා පවතින වතු නිවාස යෝජනා ක්‍රමය සංශෝධනය කිරීම.... ඒකට හේතුවෙලා තියෙන්නේ රජය විසින් යම් අවස්ථාවකදී වතුනිවාස නිර්මාණය කිරීමේදී පර්චස් 6 ක ඉඩමක් සහ වර්ග අඩි 550 ක නිවසක් සාදා ගැනීමට එකඟ වෙලා තිබ්බා. ඒ වගේම ඉන්දියානු රජයෙන් වර්ග අඩි 550 ක නිවසක් ලබාදීමට එකඟ වෙලා තියෙනවා. ඒ ඉඩම ගැන සඳහන් වෙලා නැති නිසා රජය මේ අවස්ථා දෙක එකට එක්කාසු කරලා වතු ජනතාවට පර්චස් 7ක් ලබාදීමටත් තව පර්චස් 3ක් ඔවුන්ගේ වැවිලි සහ සත්ත්ව පාලනයට අවශ්‍ය නම් ලබාදීමටත් වර්ග අඩි 555 අත්තිවාරම තවත් තට්ටුවක් ඉදිකිරීමට ඉඩතබමින් ගරු අගමැතිවරයා ඒ යෝජානවට අනුමැතිය ලාබ දී තිබෙනවා."

    Latest News