ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා ඒන්නත මෙරටට ලැබෙන දිනට පසු දින සිටම ඒන්නත්කරණයට (වීඩියෝ)

ජන 26, 2021
  • ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා ඒන්නත මෙරටට ලැබෙන දිනට පසු දින සිටම ඒන්නත්කරණය ආරම්භ කිරීමට සියල්ල සූදානම් කර ඇතැයි, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

    ඒම ඒන්නත ජනතාවට නොමිලේ ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය. ඉන්දියානු රජයේ අනුග්‍රහය යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෘජු මැදිහත්වීම මත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා ඒන්නත් මාත්‍රා ලක්ෂ 06කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ලැබීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 26 ජනවාරි 2021 22:11

    Latest News