ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 737යි

ජන 26, 2021

    ඊයේ(25) ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 737 දෙනෙකු හඳුනාගෙන ඇත.

    හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 227 ක් ලෙසය. ඊට අමතරව, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 102 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 96 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 312 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වේ.

    ඒ අනුව අද (26) උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 59,166 ක් වන අතර ඉන් පුද්ගලයින් 50,336 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. එමෙන්ම රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 8,543 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    තවද පසුගිය පැය 24 තුළ රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 653 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    Latest News