යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූළික කෙටුම්පතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට

ජන 25, 2021

    යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූළික කෙටුම්පතක් තවත් මාසයක් ඇතුළත දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි වනු ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

    ව්‍යවස්ථාවේ මූළික කටයුතු මේ වනවිට සාර්ථකව සිදු වෙමින් පවතින බවද ඇමතිවරයා කියා සිටියේය.

    යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූළික කෙටුම්පත සඳහා විවිධ පාර්ශ්වවල අදහස් ද ලබා ගනිමින් සිටින බවත්, මේ වන විටත් කළ දැන්වීම්වලට අනුව විවිධ පාර්ශ්ව අදහස් යොමු කර ඇති බවත් පැවසූ අධිකරණ ඇමතිවරයා, සියලු අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් මෙම මූලික කෙටුම්පත සකස් කරන බව සඳහන් කළේය.

    Latest News