තවත් ආසාදිතයින් 843ක්...වැඩිම පිරිස කොළඹින්

ජන 25, 2021

    අද උදෑසන වන විට ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 843 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 02 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්ථා වේ.

    ඉතිරි පුද්ගලයින් 841 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 480 ක් ලෙසය.

    ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 86ක් සහ කළුතර දිස්ත්රි ක්කයෙන් ආසාදිතයින් 72 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 203 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

    අද (25) දින උදෑසන වනවිට, කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 54,529 වේ. ඉන් පුද්ගලයින් 44,527 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    මෙරට තුල කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 58,429 ක් වන අතර ඉන් පුද්ගලයින් 49,683 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    අද (25) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 8,463 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    Latest News