බුලත්කොහුපිටිය ආදාහනාගාරයේ පිපිරීමක්

ජන 25, 2021

    බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවට අයත් යක්ඇල්ල ආදාහනාගාරයේ ඊයේ සවස සිදුවු පුපුරා යාමකින් එයට දැඩි හානි සිදුව ඇති අතර පිපිරීමෙන් තුවාල ලැබූ සේවකයන් දෙදෙනෙක් ප්‍රතිකාර සඳහා කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

    ඊයේ සවස 5.30ට පමණ ආදාහනය කිරීම සඳහා දේහයක් එයට ඇතුළත් කර ස්වල්ප මොහොතකින් මෙම පුපුරා යාම සිදුවිය.

    අනතුරින් ආදාහනාගාරයට දැඩි ලෙස හානි සිදුවී ඇති අතර ඇතුළත් කළ දේහය රුවන්වැල්ල ආදාහනාගාරය වෙත යැවීමට කටයුතු කර තිබේ.

    කාර්මික දෝෂයක් ‍හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇති බවයි බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති රුවන් සංජීව දියසුන්නත මහතා ප්‍රකාශ කළේ.

    Latest News