සුවය ලැබූ සංඛ්‍යාව 43,746 දක්වා ඉහළට

ජන 15, 2021

    අද (15) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 50,901 ක් වන අතර ඉන් පුද්ගලයින් 43,746 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    අද (15) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 6,904 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    අද උදෑසන 6.00 වනවිට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 480ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    ගෙවුනු පැය 24 තුල ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති අතර ඔවුන් දුම්මලසුරිය, කොළඹ 13, ගල්ගමුව සහ ගිංතොට නැගෙනහිර යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ.

    ඒ අනුව, අද (15) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 251ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News