අකුරණ ග්‍රාම නිළධාරි වසම් දෙකකට සංචරණ සීමා

නොවැ 24, 2020

    අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයේ වසම් කිහිපයක් තුලින් කොවිඩ් - 19 වෛරසය ආසාදිත රෝගීන් වාර්තාවීම හේතුවෙන් අකුරණ කොට්ඨාසයේ ග්‍රාම නිළධාරි වසම් දෙකක් සඳහා අද (24) වනදා සිට සංචරණ සීමා පනවනු ලැබූ බව සෞඛ්‍ය අංශ පවසයි.

    අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් බුළුකොහොතැන්න සහ තෙළඹුගහවත්ත යන ග්‍රාම නිළධාරි වසම් දෙක සඳහා සංචරණ සීමා පනවා ඇති බවත් සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශය තුළ සිටින කිසිවෙකුටත් ඉන් පිටවීමට හෝ පිට සිටින අයට සීමාවන් පනවා ඇති ප්‍රදේශයට ඇතුළු වීමට හෝ අවස්ථාවක් ලබා නොදෙන බවත් උසස් පොලිස් නිළධාරියෙකු කීය.

    අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසය තුළින් මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 38 දෙනෙකු වාර්තාවී ඇති අතර, තවත් පිරිසකගේ පීසීආර් පරීක්ෂණ මේ වනවිට සිදු කරනු ලැබ තිබේ.

    Latest News