උතුරේ දූපත් වල සංවර්ධනය දෙවන අධියරටත් ඇරඹේ

නොවැ 24, 2020

    උතුරේ දූපත් වල සංවර්ධන කටයුතු දෙවන අධියරටත් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

    දූපත් අතර ගමනාගමන පහසුකම් වැඩි දියුණු කර සංවර්ධනයට අවශ්‍යය පදනම් ඇති කිරීමේ අරමුණ පදනම් කරගෙන කයිට්ස්, කරෛයිනගර් අතර පාලමක් ඉදිකිරීමටත්, අරාලි කුරිකට්ටුවන් අතර මාර්ගය කාපට් කිරීමටත් අවශ්‍යය කටයුතු ඇරඹෙන බවත් එතුමා පැවසීය.

    විශේෂයෙන් කිලෝමීටර් 01 දිග ඇති අරාලි - කුරිකට්ටුවාන් මාර්ගය කාපට් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති ධූරය දරණ ලද කාල වකවානුවේදී සාම්ප්‍රධායික කර්මාන්ත අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළ ඩග්ලස් දේවානන්දා මහතා විසින් මුලික කටයුතු ඇරඹූ අතර, ආණ්ඩුව වෙනස් වීම නිසා එම කටයුතු අඩාල විය.

    මේ අතර, අමාත්‍යය ම‍ණ්ඩල රැස්වීමේදී මේ පිළිබදව අමාත්‍යවරයා විසින් පෙන්වා දුන් අතර, ගරු මහා මාර්ග අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙම මාර්ග සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 3000ක් වෙන්කර ඇත.

    තවද කයිට්ස් හා කරෛයිනගර් ප්‍රදේශ යා කිරීමට පාලමක් ඉදිකිරීමටත් පියවර ගෙන ඇත.

    මේ මගින් මෙතෙක් කල් පාවෙන පාලම් හරහා මගීන් ගමන් කළ අතර මෙම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රවාහන කටයුතු පහසු කිරීමට අමාත්‍යවරයා පියවර ගෙන ඇත.

    දූපත් අතර මගීන් ප්‍රවාහන සේවයේ යෙදී ඇති බෝට්ටු පරිපාලනය මාර්ග සංවර්ධන අධිකාරියට පැවරීම තුලින් මෙම සේවාව විධිමත් කිරීමටත් අමාත්‍යය  ඩග්ලස් දේවානන්දා පියවර ගෙන ඇත.

    Latest News