දඹුල්ලට නව ශීතාගාර පද්ධතියක්

නොවැ 24, 2020

    අල, දෙහි, ලූණු අස්වැන්න කල් තබා ගැනීම සඳහා දඹුල්ලට නව ශීතාගාර පද්ධතියක්.

    මෙරට ගොවීන්ගේ අල, දෙහි, ලූණු අස්වැන්න කල් තබා ගැනීම සඳහා  වන අත්‍යාවශ්‍ය වන ශීතාගාර පද්ධතියක් ඉදිකිරිමේ කටයුතු කඩිනම් කෙරේ.

    ඉන්දීය රජයේ ණය ආධාර යටතේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ආසන්නයේම මෙම ශීතාගාර සංකීර්ණය ඉදිවේ.

    පසුගිය රජයේ සමයේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කල ද මේ වනතෙක් එහි ආරම්භක අධියර පවා අවසන් කිරීමට පසුගිය පාලනය අපොහොසත් විය.

    අක්කර 3 ක භූමි භාගයක ඉදිකෙරෙන මෙම ශීතාගාර සංකීර්ණයේ ධාරිතාවය මෙට්ට්රිික් ටොන් 5000කි.

    අස්වනු බහුල සමයන්හි ගොවීන්ට තමන්ටම වෙන්වූ ශීතාගාරයක් වෙන්කර ගත හැකි අතර තම අතිරික්ත අස්වැන්න මෙහි ගබඩා කර තබා ගත හැකිිිියි.

    මෙමගින් අල, ලූණු, දෙහි වැනි නිෂ්පාදනයන් සඳහා සැමදාම ස්ථාවර මිලක් ලබා ගැනීමට ගොවි ජනතාවට හැකිවෙන අතර පාරිභෝගිකයින්ට ද සාධාරණ මිළකට භාණ්ඩ ලබා ගැනීමට අවකාශ උදාවේ.

    රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ඉල්ලීම පරිදි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම ශීතාගාර සංකීරණයේ වැඩ කටයුතු අධීක්ෂණය කිරීමට පසුගියදා එහි ගිය අතර, අදාළ ව්‍යාපෘතියේ කටයුතු එළඹෙන අප්‍රේල්ය මාසය වනවිට අවසන් කිරීමට අවශ්‍ය උපදෙස් අදාළ කොන්ත්රායත් සමාගම් වෙත ලබා දෙන ලදි.

    මෙම අවස්ථාවට රාජ්‍යය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිී පමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    Latest News