බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගැඹුරු පීඩන අවපාතයක්

නොවැ 24, 2020

    බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලය වෙරළට කිලෝමීටර් 280 ක් දුරින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව පැවසුවේ එය ඉදිරි පැය 12 ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය විය හැකි බවයි.

    උතුරු නැගෙනහිර ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා පැවසුවේය.

    Latest News