මත්ද්‍රව්‍ය සම්බන්ධව වැරදිකරුවන් වූවන්ගේ නඩු කටයුතු කඩිනම් කෙරේ

නොවැ 23, 2020

    බන්ධනාගාර ජනගහණයෙන් 73%ක් රිමාන්ඩ් බන්ධනාගාර ගතවූවන් වන අතර එය බන්ධනාගාරතුල පවතින අධික තදබදයට ප්‍රධාන හේතුවක් වී ඇති බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ විසින් බන්ධනාගාර තදබදය අවම කර ගැනීම සදහා ගතහැකි විවිධ ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

    ඒ අනුව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති රැදවියන්ගෙන් හෙරොයින් 2gට අඩු සහ ගංජා 5kg අඩු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර ඇති රැදවියන්ගේ නඩුකටයුතු කඩිනම් කිරීමට ඔවුන්ගේ තොරතුරු ඇතුළත් වාර්තාවක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් සහ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම් ඇතුලු බන්ධනාගාර තදබය සම්බන්ධයෙන් ගත හැකි විවිධ පියවරයන් පිළිබදවත් බන්ධනාගාර තුළ පවතින වත්මන් තත්ත්වය පිළිබදවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි දැනුවත් කිරීම සදහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ හෙට (23) අධිකරණ අමාත්‍යවරයා හමුවීමට නියමිතව තිබේ.

    මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතවූවන්ගේ නඩුකටයුතු කඩිනම් කර ඔවුන් විශේෂ පුනරුත්ථාපන ක්‍රියාවලියකට සම්බන්ධ කරගැනීම හෝ ඔවුන්ට ඇප ලබාදීමට කටයුතු කිරීම සදහා ගතහැකි හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මීට පෙර රාජ්‍ය ඇමතිනිය, අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි, අධිකරණ යටිතල පහසුකම් කමිටු ප්‍රධානී ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිස් දෙපාර්තමේන්තුව සමග පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් අනුව එලෙස හෙරොයින් 2gට අඩු සහ ගංජා 5kgට අඩු රිමාන්ඩ් රැදවියන් 6334ක් සම්බන්ධයෙන් ඉදිරි නීති කටයුතු කඩිනම් කිරීම සදහා ඔවුන්ගේ තොරතුරු ඇතුළත් වාර්තාවක් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ ප්‍රියන්ත මායාදුන්න වෙත බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය විසින් යොමුකොට ඇත.

    Latest News