අකිල විරාජ් පක්ෂ මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

නොවැ 23, 2020

    එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    ‘සිරිකොත’ එජාප පක්ෂ මූලස්ථානයේ අද (23) දින පැවැති රැස්වීමේදී අකිල විරාජ් කාරියවසම් මේ බව දැනුම් දී තිබේ.

    ඒ අනූව පක්ෂ ප්‍රතිසංවිධානය යටතේ ඉදිරියේ දී නව මහලේකම්වරයෙක් පක්ෂයට පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.

    නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන විසින් ආරම්භකර ඇති පක්ෂ ප්‍රතිසංවිධාන යටතේ ඔහුට සුදුසු අයෙක් පත්කරගැනීම සඳහා තමා ලේකම් ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බව අකිල විරාජ් පවසා තිබේ.

    කෙසේවුවද, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් ලෙස පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා උපරිම සහයදෙන බවද ඔහු කියා සිටියේය.

    පක්ෂයේ නව තනතුරු සඳහා පත්කිරීම් ලබන වසරේ ජනවාරි මාසයේ දී සිදුකිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

    Latest News