කොරෝනා ආසාදිත බන්ධනාගාර රැඳවියෙක් මියයයි

නොවැ 23, 2020

    රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බන්ධනාගාර රැඳවියා කොවිඩ් ආසාදිතයෙක් බව වාර්තා වෙයි.

    82 හැවිරිදි එම පුද්ගලයා මහර බන්ධනාගාරයේ සිටි අයෙක්.

    ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් එම පුද්ගලයාව රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී මියගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

    අනතුරුව සිදුකළ පීසීආර් පරීක්ෂණයක දී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වී තිබේ.

    Latest News