ජනපති නියමයෙන් නව අමාත්‍යාංශ 2ක් ගැසට් කෙරේ

නොවැ 23, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, නව කැබිනට් අමාත්‍යාංශ දෙකක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

    මහජන ආරක්ෂක හා තාක්ෂණ අමාත්‍යාංශය එම නව අමාත්‍යාංශ දෙකයි. තාක්ෂණ අමාත්‍යාංශයේ විෂයපථය වන්නේ,ප්‍රශස්ත තොරතුරු තාක්ෂණය,ජාතික හා ජාත්‍යන්තර සම්බන්ධතාවන් සමග සම්බන්ධීකරණය කරමින්,සෞඛ්‍ය,අධ්‍යාපන,සුබසාධන හා රාජ්‍ය සේවා මෙහෙයවීම සඳහා ඩිජිටල් ආණ්ඩුකරන සේවා ස්ථාපනය කිරීමයි.

    ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය,පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය,ශ්‍රී ලංකා ටෙලි‍කොම්,කාර්මික තාක්ෂණ ආයතනය,නැනෝ තාක්ෂණික ආයතනය,ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව,සියලුම තොරතුරු තාක්ෂණ උද්‍යාන හා ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව නව තාක්ෂණ අමාත්‍යාංශය යටතට පැවරෙයි.

    මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ විෂයපථය වන්නේ,සියලුම පුරවැසියන්ට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජීවත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මගින් මහජන ආරක්ෂාව තහවුරු කිරීම හා නීතිය හා සාමය පවත්වා ගැනීමයි. ශ්‍රී ලංකා පොලීසිය,ජාතික පොලිස් අභ්‍යාස ආයතනය,සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා බහුකාරය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව මහජන ආරක්ෂක අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක ආයතන බව ගැසට් පත්‍රයේ සඳහන්.

    Latest News