අය වැය ‍තෙවැනි වර කියැවීමේ විවාදය අද

නොවැ 23, 2020

    පාර්ලිමේන්තුව සභාව අද සවස 4.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වීමට නියමිතයි.

    අභියාචනාධිකරණයේ ඇතිවී තිබෙන පුරප්පාඩු සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සිදු කර තිබෙන නාම යෝජනා සහ පොලිස්පති තනතුර සඳහා සිදු කර ඇති පත්කිරීම් පරික්ෂාවට ලක්කිරීම එහිදී සිදු කෙරේ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරු පාර්ලිමේන්තු සභාව නියෝජනය කරති. එහි ලේකම් ධූරය හොබවනු ලබන්නේ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින්.

    අයවැය තෙවැනි වර කියවීමේ විවාදය හෙවත් කරක සභා අවස්ථා විවාදය අද සිට ආරම්භ වීමට නියමිතයි. එය දෙසැම්බර් 10 වැනි දින දක්වා පැවැත්වෙයි. අය වැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව ඇත්තේ,දෙසැම්බර් 10 වැනිදා සවස 5.00ටයි.

    අය වැය දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය සෙනසුරාදා අවසන් වූ අතර එය වැඩි ඡන්ද 99කින් සම්මත විය. ඊට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 52ක් පමණයි.

    Latest News