අන්තවාදී බෝම්බ ප්‍රහාරයෙන් බැට කෑ අනුරපුර මල්කරුවෝ

මැයි 19, 2019

    අන්තවාදීමත දරණ ත්‍රස්තවාදින් විසින් පාස්කු ඉරුදින දියත්කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවත් සමග වෙසක් උත්සවය පැවත්වීමට රටපුරා සිටින බෞද්ධයන් බිය හේතුවෙන් මෙවර වෙසක් පෝයට අනුරාධපුර අටමස්ථානය ඇතුලු පුදබිම් ආශ්‍රිතව මල් වෙළෙඳුන් අර්බුදයකට මුහුණපා තිබේ.

    ත්‍රස්තප්‍රහාරයන්ගේ බිය මැකී යාමත් සමඟින් සුපුරුදු පරිදී වෙසක් පෝයට මල් අලෙවි කිරීමේ අටියෙන් මල් වෙලනේදන් වෙසක් පෝදා අටමස්ථානය අවට මාර්ගයන් වෙත රතු, සුදු ඕලු මල්, නිල් මානෙල් මල්, රතු හා සුදු නෙලුම් මල් ඇතුළු මල් වර්ග මෙන්ම පූජා භාණ්ඩ මාර්ගය අසල තබා ගෙන වෙළදාම් කටයුතු ආරම්භ කළද වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ අඩුව හේතුවෙන් ඔවුන් මහත් අසරණ භාවයට පත්ව සිටියහ.

    වෙනදා මල්කරුවන්ගේ මුහුණේ දුටු සිනාව අද මැකී ගොස් ඇත. පාරට දික් කර මල් ගන්න මල් ගන්න යැයි කියන්නට වන්දනාවේ පැමිණෙන වාහනද එතරම්ම නැත. වෙනදා වෙසක් පොහොය මෙන් මෙවර වෙසක් පොහොය මල්කරුවන්ට නම් අතමිට සරු වෙසක් පොහොයක් වූයේ නැත. මන්ද මේ වන විට පසුගිය 21 වැනි දින සිදු වූ අවාසනාවන්ත සිදු වීමත් සමඟ එම අමිහිරි මතකයන් තාමත් ජනතාවගේ හිත් වලින් මැකී ගොස් නොමැති නිසාවෙනි. මේ නිසා මෙවර වෙසක් පොහෝ දිනයේ අනුරපුර වැඳපුදා ගැනීමට වෙනදා මෙන් ජනකායක් එක් වූයේ නොමැත. මෙනිසා එදා වේල හොයාගෙන කන බොහෝ වෙළෙඳුන්ගේ ආර්ථික තත්ත්වය ඉතා පහළ මට්ටමක වැටී ඇත. වෙසක් පෝදින දහවලේ කථා කළ මල් වෙලෙන්දෙකු කීවේ “එක මල් පොකුරක් විකුණා ගත්තා. අද දවසටම රුපියල් 100 යි විකුණ ගත්තේ, 22 වැනිදා ඉඳන් මෙහෙම තමයි“ යනුවෙනි.

    flowerssllers px 900 19 05

    ඔවුන් අලෙවි කරන මල් තරම් ලස්සන නැති ඔවුන්ගේ ජීවිත කතාව කියූ අනුරාධපුර මල්වතු ලේන් හී පදිංචි අනුලා හේවාවිතාරණ මහත්මිය,

    “ මට දැන් වයස 50 යි, මම දැන් අවුරුදු 42 ක්ම මල් විකුණලා තියෙනවා, අවුරුදු 08 ඉඳන්ම මම මල් විකුණලා තියෙනවා. අදටත් අපිට තැනක් දීලා නෑ, අපි පාරවල් අයිනේ තමයි මල් විකුණන්නේ, ආණ්ඩුවකින් කිසි දෙයක් අපිට දීලා නෑ. වැවකට බැහැලා මල් ටිකක් කඩා ගෙන එදා වේල හොයාගන්නේ මම, මේ ත්‍රස්ත ප්‍රහාරය සිද්ධ වෙච්ච දවසේ ඉඳන් අපිට හරියට වෙලදාමක් නෑ, අද දවසටම රුපියල් 100 යි, පෙරේදා 280, ඊයේ 220 යි හෙව්වේ, අපිට ජීවත් වෙන්නත් අමාරුයි, සබන් කැටයක්වත් ගන්න බෑ අපිට මේ විදිහට. නාන්න සබන් නැතිව ෂෑම්පෝ පැකට් එකක් ඇගේ ගාගෙන නෑවා යැයි ඇය කියා සිටියේය.

    තවුදරටත් අය කියා සිටින් “අනුරාධපුරයේ කිිසිම කළබලයක් නෑ, අපේ අය එහෙට ගහන්නෙත් නෑ, එයාලා අපිට ගහන්නෙත් නෑ, සෙනඟ එනවා නම් අපිට කිසි කෙනෙක්ගේ හවු හරණක් ඕන නෑ, අපිට ජීවත් වෙන්න පුළුවන්“.

    flowerssllers1 px 900 19 05

    මෙම මල්කරුවන්ට පූජා භූමි අසල මාර්ගයන්ට යාබදව මල් අලෙවි කිරීමට නගර සභාව ඉඩ නොදෙන බව ඔවුන් කියා සිටි. වරින් වර පැමිණ තම මල් බාල්දී පිටින් පටවාගෙන යන්නේ කිසිම හිතක් පපුවක් නොමැතිව බවයි ඔවුන් කියා සිටින්නේ. පූජා භූමි අසල රථ ගාල්වල ස්ථිර මල් අලෙවි කුටි හිමි පිරිස්ගේ උවමානාවන් මත මේවා සිදුවන බවද ඔවුන් චෝදනා කරති.

     

    Latest News