අමෙරිකාව මරියානා ආගාධය ජය ගනී

මැයි 14, 2019

    මරියානා ආගාධයේ ගැඹුරටම කිමිදීමේ වාර්තාව තැබීමට ඊයේ අමෙරිකානු ගවේෂකයකු වන වික්ටර් වෙස්කෝවෝ සමත් විය.

    ඒ කිලෝමීටර් 11 ක දුරක් ගැඹුරට කිමිදීමෙන්.

    4567

     

     

    5896

     

    1234

     

    mariyana2 px 900 19 05 14

     

    5698

    එහිදී ඔහුට මුහුදු සත්ව විශේෂ කිහිපයක්ම දක්නට හැකි වූ බව ද පැවසේ.

    ඒ අතර, මරියානා ආගාධ පතුලේ තිබී ප්ලාස්ටික් අපද්‍රව්‍ය ද සොයා ගෙන තිබේ.

    අගාධයේ ගැඹුරටම කිමිදී සිදුකරන ලද ගවේෂණයත් සමග මෙම ද්‍රව්‍ය හමුවී ඇති බව පැවසේ.

    ඒ අතර, රසකැවිලි දවටන කිහිපයක් ද තිබූ බව ඔහු සඳහන් කරයි.

    සෑම වසරකම ටොන් මිලියන ගණනක ප්ලාස්ටික් අපද්‍රව්‍ය සාගරයට එක්වේ.

    එමඟින් සාගරයට සහ එහි ජීවීන්ට සිදුවන විනාශය අතිමහත් බවයි මෙම මෙහෙයුම් කණ්ඩායම පවසන්නේ.

    mariyana5 px 900 19 05 14

    මරියානා ආගාධයට මීට පෙර මිනිසුන් ගමන් කර ඇත්තේ අවස්ථා 2 කදී පමණි.

    ඒ 1960 දී සහ 2012 යන වසර වලදීය.

    1960 දී ප්‍රථම වරට මරියානා ආගාධයට දෙදෙනෙක් ගමන් කළ අතර, වසර 2012 දී චිත්‍රපට අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් ඊට ලඟා වී තිබේ.

    නමුත් ඔවුන් දෙදෙනාට වඩා ගැඹුරකට ගමන් කිරීමට මෙවර අමෙරිකාව සිදුකළ ගවේෂණයේදී වික්ටර් වෙස්කෝවෝ සමත් විය.

    මෙහෙයුමට ගතවූ කාලය පැය 12 ක්.

    ඉන් පැය 4 ක කාලයක් ඔහු ආගාධ පතුලේ ගවේෂණ කටයුතු සඳහා යොමු කර තිබේ.

    1960 වසරේ පළමු වරට මරියානා ආගාධයේ ගවේෂණයේ යෙදුනු දෙදෙනාගෙන් එක් අයෙකු වන දොන් වොල්ෂ් ද මෙම මෙහෙයුම් කණ්ඩායම නියෝජනය කිරීම ද විශේෂත්වයක් ලෙස හැඳින්විය හැකියි.

    Master

     

    Master

     

     

    Last modified on අඟහරුවාදා, 14 මැයි 2019 11:40

    Latest News