ලෝක රූ රැජිණ කිරුළ ජැමෙයිකාවට

දෙසැ 15, 2019

    ලෝක රූ රැජිණ ලෙස ජැමෙයිකාවේ ටෝනි ඈන් සිංග් ඊයේ කිරුළු පැළඳුවා.

    අවසන් මහා රාත්‍රිය පැවැත්වුණේ මහ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී. ලොව ඉපැරණිම අන්තර්ජාතික තරගාවලිය වන ලෝක රූ රැජිණ අවසන් මහ රාත්‍රිය පැවැත්වුණේ, ලන්ඩන් නුවර එක්ස්සෙල් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී. ලොව පුරා තරගකාරියන් රැසක් අභිබවා මෙවර කිරුළ දිනා ගනු ලැබීය. අමෙරිකාවේ ෆ්ලොරීඩා විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාව හා කාන්තා අධ්‍යයනය පිළිබඳ උපාධිධාරිනියක් වන 23 හැවිරිදි ජැමෙයිකාවේ ටෝනි ඈන් සිංග් විසින්.

    ගියවර ලෝක රූ රැජිණ කිරුළු දිනා ගත් මෙක්සිකෝවේ වැනිස්සා පොන්සේ විසින් මෙවර ජයග්‍රාහී කිරුළ පළඳවනු ලැබුවා. දෙවැනි ස්ථානය ප්‍රංශය දිනාගත් අතර, තෙවැනි ස්ථානය දිනා ගත්තේ ඉන්දියාවයි. ජැමෙයිකාව, ලෝක රූ රැජින කිරුළ දිනා ගත් සිව්වැනි අවස්ථාව මෙයයි. 1963,1976 හා 1993 වසරවල දී ලෝක රූ රැජිණ ඇතුළු මෑතකදී පැවති සියලු අන්තර්ජාතික තරගවල දී ඉතිහාසයේ පළමු වරට කලු ජාතික තරුණියන් කිරුළ දිනා ගැනීම විශේෂත්වයක්.

    Last modified on ඉරිදා, 15 දෙසැම්බර් 2019 11:48

    Latest News