රුසියාවේ News කියන කඩවසම් රොබෝ

අප්‍රේ 20, 2019

    ප්‍රවෘත්ති නිවේදනය රොබෝ කෙනෙකුගෙන් සිදුවන අපූරු අත්දැකීමක පුවතක් රුසියාවෙන් වාර්තා වේ.

    ඇලෙක්ස් නමැත් රොබෝ රුසියාවේ මොස්කව් නුවර පිහිටි රොසියා 24 රූපවාහිනී නාලිකාවේ අලුත්ම ප්‍රවෘත්ති නිවේදකයා. එහෙත්, ඇලෙක්ස් ප්‍රවෘත්ති නිවේදනය කරන තත්වයට ගෙන ඒම සඳහා රොසියා 24 රූපවාහිනී නාලිකාවට ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 27 ලක්‍ෂයකට අධික මුදලක් වැය වී තිබේ. එතරම් මුදලක් වැය කිරීමට හේතුව ඇලෙක්ස් රොබෝවෙකු වීම නිසා. ප්‍රවෘත්ති නිවේදක රොබෝ ව්‍යාපෘතිය රුසියාවේ ආරම්භ කෙරුණේ 2017 වසරේදී.

    ඇලෙක්ස් තැනීම සඳහා මානව අනුරූ කිහිපයක්ම යොදා ගෙන තිබේ. දැනට ඇලෙක්ස්ට වචන උච්චාරණය සහ මුහුණෙන් හැගීම් පළ කිරීම පමණක් සිදු කළ හැකියි. ඉදිරියේ දී එළිදක්වන රොබෝ නිවේදකයන්ට අත් මගින් අභිනයන් දැක්වීමට ද හැකි බව නිෂ්පාදන සමාගම පවසයි. කෙසේ වෙතත් රුසියානු රූපවාහිනී නරඹන්නන් මේ රොබෝ නිවේදකයාට එතරම් කැමැත්තක් නොදක්වන බව, වාර්තාවේ.

    ඔහුගේ ස්වරූපට ඊට එක් හේතුවක්. එමෙන්ම ඇලෙක්ස් ලවා විකාශය කරනු ලබන ප්‍රවෘත්තිවල විශ්වසනීයත්වය ගැන ද නරඹන්නන් ප්‍රශ්න කර තිබේ. ප්‍රවෘත්ති නිවේදනය සඳහා රොබෝ යන්ත්‍රයක් යොදාගත් පළමු රට රුසියාව නොවේ. මුලින්ම එය සිදු කළේ චීනයයි. ප්‍රථම රොබෝ නිවේදකයා එළිදැක්වූයේ, චීනයේ ෂින් හුවා ප්‍රවෘත්ති සේවයයි. ඒ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ. ලොව ප්‍රථම රොබෝ ප්‍රවෘත්ති නිවේදකයා නම් කර තිබුණේ, සැංග් සාඒ යන නමින්. එහි පරිගණක පද්ධතියට ඇතුලත් කරන ප්‍රවෘත්ති සාමාන්‍ය නිවේදකයෙකු ලෙස ඉදිරිපත් කිරීමට සාඕට හැකියාව පැවතිණ. එහෙත්, චීන රොබෝ නිෂ්පාදකයන් එතනින් නතර වූයේ නැත.

    ෂින් සි ආඕ මෙං ෂිං හුවා සේවයේ අලුත්ම රොබෝ ප්‍රවෘත්ති නිවේදිකාවයි. ඇය එළිදක්වනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේ. කලින් හඳුන්වා දුන් සාඕට වඩා හොඳින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමටත්, හැගීම් පළ කිරීමටත්, මෙංට හැකියාව තිබේ. රොබෝ නිවේදකයන් සඳහා යොදා ගනු ලබන්නේ ඒ අයි නැමති කෙටි නමින් හැඳින්වෙන කෘතිම බුද්ධි තාක්‍ෂණයයි. එය සීඝ්‍රයෙන් දියුණු වෙන ක්‍ෂේත්‍රයක්. ඉදිරි වසර 5 තුළ ඉන් ලෝක ආර්ථිකයට එක්වන මුදල අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3.9 ඉක්මවනු ඇතැයි සැලකේ.

    Last modified on ඉරිදා, 21 අප්‍රේල් 2019 10:09

    Latest News