චිකාගෝ සුළං සැරයි

පෙබ 29, 2024

    අමෙරිකාවේ චිකාගෝ ප්‍රාන්තයට බලපා ඇති අධික සුළං සහිත ශීත කාලගුණ‍යෙන්, දෛනික ජන ජීවිතයට දැඩි බලපෑම් සිදුව තිබෙනවා.

    ප්‍රදේශයේ පුද්ගලයින් 60 කු පමණ අවතැන්ව ඇති බවයි, බලධාරීන් පවසන්නේ. 

    අධික සුළං සහිත කාලගුණයෙන්, පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව, වාර්තා වනවා.

    අධික ශීත සහිත කුණාටු තත්වය, උතුරු ඉලිනොයිස් සහ ඉන්දියානා ප්‍රාන්ත හරහා හමා යෑමෙන්, ගොඩනැගිලි රාශියක් විනාශ වී තිබෙනවා.

    ගස් කඩා වැටීම් ද වාර්තා වනවා. ගුවන් තොටුපොළ රැසක විදුලිය විසන්ධිවීම් වාර්තා වුණා.

    ප්‍රදේශ රැසකට බලපා ඇති හිම කැට වර්ෂා හේතුවෙන් සංචාරකයන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි, බලධාරීන් ප්‍රකාශ කරන්නේ. අමෙරිකාව සහ කැනඩාවේ බොහෝ ප්‍රදේශවල මෙම මාසය තුළ උපරිම උෂ්ණත්වයක් වාර්තා වුණා.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 29 පෙබරවාරි 2024 14:51

    Latest News