ජාතික රූපවාහිනියට සුමති සම්මාන රැසක්

පෙබ 21, 2024

    ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවූ ''විහඟ ප්‍රේමය''  සිනමා පටය ලොව ප්‍රසිද්ධ HBO නාලිකාව ඔස්සේ ප්‍රදර්ශනය කිරීමට තෝරාගෙන තිබෙනවා.

    අමෙරිකාවේ ප්‍රකට වෝනර් බ්‍රදර්ස් ව්‍යාපාර සමූහයට අයත් මෙම මාධ්‍ය ජාලය විසින් ප්‍රදර්ශනයට තෝරාගනු ලැබූ ප්‍රථම ශ්‍රී ලංකා සිනමා පටය මෙයයි. 

     ''විහඟ ප්‍රේමය''  තිර රචනය සහ අධ්‍යක්ෂවරයා වන්නේ සංජීව පුෂ්පකුමාරයි.  මෙම සිනමා පටය මාර්තු මස පළමුවැනිදා සිට පෝලන්තය, රුමේනියාම, හංගේරියාව, බල්ගේරියාව ඇතුළු නැගෙනහිර යුරෝපයේ රටවල ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. 

    මෙරට සිදුවන දිළිඳු දරුවන් විදේශිකයන්ට අලෙවි කිරීමේ ජාවාරම පදනම් කර ගනිමින් සිනමා පටය නිර්මාණය කර තිබෙනවා. 

    ඉතාලිය හා ශ්‍රී ලංකාව අතර ප්‍රථම නිල චිත්‍රපට නිෂ්පාදනයද වන්නේ ''විහඟ ප්‍රේමය'' යි.  සබීතා පෙරේරා, අකලංක ප්‍රභාෂ්වර, ඩිනාරා පුංචිහේවා,

    මහේන්ද්‍ර පෙරේරා, අමිත්ත වීරසිංහ, ප්‍රකට ඉතාලි ජාතික රංගන ශිල්පී ලෝරන්ස්සෝ අක්කුවිවා ඇතුළු දක්ෂ රංගන ශිල්පීන් රැසක් විහඟ ප්‍රේමය සිනමා පටයට රංගන දායකත්වය ලබා දෙනවා.

    මෙම සිනමා පටය 2022 පැවති 35 වැනි ටෝකියෝ අන්තර්ජාතික සිනමා උලෙළේදී විශිෂ්ටතම කලාත්මක සාම්ප්‍රදානය සම්මානය දිනා ගැනීමටද සමත් වුණා.  පසුගිය දස වසරක කාලය තුළ ඒ ශ්‍රේණියේ ජාත්‍යන්තර සිනමා උලෙළකදී තරගකාරී අංශයෙන් මෙරට සිනමා කෘතියක් සම්මානයට පාත්‍රවූ පළමු අවස්ථාවද මෙයයි.

    Last modified on බදාදා, 21 පෙබරවාරි 2024 10:48

    Latest News