ජනාධිපතිවරයෙක් බිහිකළ AI තාක්ෂණය

පෙබ 20, 2024

    ඉන්දුනීසියාවේ ජනපතිවරණය ජය ගත් එරට හිටපු ආරක්ෂක අමාත්‍ය ප්‍රබෝවෝ සුබියන්ටෝ මේ දින වල සිය ජය සමරමින් සිටිනවා.

    මෙවර ඉන්දුනීසියාව විසින් ජන්ද ප්‍රචාරණ වැඩසටහන් සඳහා කෘතීම බුද්ධි තාක්ෂණය වැඩි වශයෙන් යොදා ගනු ලැබුවා. ටික්ටොක් ඇතුළු නවීන සමාජ මාධ්‍ය තාක්ෂණයද එයට කදිම ගැලපීමක් එක් කළා.

    එහිදී Open AI මගින් බලගැන්වෙන ChatGPT ද ඇතුළුව කෘතීම බුද්ධි මෙවලම් විශාල ප්‍රමාණයක් යොදා ගෙන තිබෙනවා.

    ඡන්දය ප්‍රකාශ කළ පිරිසෙන් බහුතරයක් දෙනා වයස අවුරුදු 40ට වඩා අඩු පිරිසක් වීම හේතුවෙන් ඔවුන්ගේ ආකර්ෂණය දිනා ගැනීම මෙහි අරමුණ වූවා.

    ලොව වඩාත් ජනප්‍රිය midjourney කෘතීම බුද්ධි නිර් මාණ වැඩසටහන ඔස්සේ නිර් මාණය කළ ප්‍රෝබෝවෝගේ ඩමියට ඔහුගේ රෞද්‍ර පෙනුම වෙනුවට සුරතල් බවක් හා ලාමක බවක් ආරෝපණය කර තිබුණා.

    එමෙන්ම එම ඩමියේ රුව සහිත ස්ටිකර් සහ කමිස ප්‍රෝබෝවෝ හිතවාදීන් අතර බෙදා දී තිබුණා.

    #Probowo නමින් සටහන් හුවමාරු වූ අතර වීඩියෝ සඳහා නැරඹුම් වාර බිලියන ගණන් ලැබී තිබුණා.

    එමෙන්ම ඔහුගේ ආධාරකරුවන්ටද කෘතීම බුද්ධි තාක්ෂණය හරහා පෝස්ට් නිර්මාණය කර පළ කිරීමටද අවස්ථාව ලබා දී තිබුණා.

    Latest News