බොබ් මාලි රිදී තිරයට

පෙබ 19, 2024

    සංගීතය හරහා ජාති, ආගම්, කුලමල, වයස්, පන්ති සීමා අතික්‍රමණය කළ රෙගේ සංගීතයේ රජු ලෙස සැලකෙන බොබ්මාලි පුරාවෘත්තයට ආදරය කරන සුවහසක් රසිකයින්ට දිව ඔසුවක් සලසමින්, Bob Marley – One Love චිත්‍රපටය පෙබරවාරි 14 දින සිට තිරගත වීම ආරම්භ කළා.


    Reinaldo Marcus Green විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වය Robert Teitel, Dade Grdner, Jeremy Kleiner, Ziggy Marley, Rita Marley, Cedella Marley විසින් සපයනු ලබනවා.


    පීඩිත ජනයා වෙනුවෙන් සංගීතයෙන් අරගල කළ බොබ් ගේ චරිතයට Kingsley Ben-Adir විසිනුත් ඔහුගේ බිරිඳ වන වන Rita Marley ගේ චරිතයට Lashana Lynch විසිනුත් නිරූපණය කරනවා.

    අමෙරිකනු ඩොලර් මිලියන 70 කට ආසන්න වියදමක් දරා නිපද වූ මෙම සිනමා කෘතිය Biography Drama Music ශානරයට අයත් වනවා.

    බොබ් මාලිගේ ජීවිතයේ ඔහු මුහුණ දුන් කටුක අත්දැකී හා තර්ජන පලිගැනීම් මැදින් ඔහුගේ සංගීත ශෛලිය ලොව පුරා රසිකයින් හදවතින් වැළඳගත් අයුරු දැක බලා ගැනීමට සුවහසක් ප්‍රේක්ෂකයින් සියොළඟම අයා සිටිනු ඇති.

    Latest News